Tuesday, February 15, 2011

දිවිය පුරාවට අත්හැර නොයනා එකම පිහිට අම්මේ ඔබමයි...


කාට ආදරේ කලත් අප ලොවේ
අපට ආදරේ ඔබ පමනයි
දිවිය පුරාවට අත්හැර නොයනා
එකම පිහිට අම්මේ ඔබමයි
දෙවියන් හැර මේ සිත තේරුම්ගත්
එකම කෙනා අම්මේ ඔබමයි
සියක් වේදනා නිවාලන්න හැකි
සෙත් කවි ඇත්තේ ඔබ ලගමයි

සෙනෙහස යටපත් කරගෙන ආදා
අපේම ඉරනම රුදුරු වෙලා
ඉන්නට විය අද ඔබෙන් දුරස් වී
නමුත් සිතින් මා ඔබ ලගමයි
නැතිමුත් ඔබ අද මා ලග හැමවිට
දැනෙනවා උනුසුම පුන්චි කාලේ විදී
නැතිමුත් නින්දෙදි අද ඔබ ඇද ලග
ඇහෙනවා කවි පද මා නලවාලු

සතුටු කදුලකින් දෙනෙත පිරෙනවිට
සතුට බෙදාගෙන සිනාසෙන්න වත්
අම්මේ ඔබ මා ලග නැතිමුත්
පුන්චි දුකක් මගේ සිතට දැනෙන විට
කියා හඩන්නට ඔබ නැති මුත්
අම්මේ ඔබ මහා දුරක නොවේ
මගේ හදවතේ ලොකුම පරාසෙක
ජීවමානවම ඔබ වැඩ හිදිනවා
කවදා හො මා සිටගත් දා
මගේම දෙපයින් මේ පොලවේ
ඉන්න දෙන්නෙ නෑ අම්මේ ඔබහට
මා හැරදා එක නිමේශයක්
එළඹෙනතුරු ඒ සොදුරු දවස මතු
ඉන්නම් මා අතැගිලි ගනිමින්

Written By “Rasheedha Ramjani”
Your Ad Here
Related Posts Plugin for WordPress, Blogger...