Pages

Tuesday, June 28, 2011

මට තහනම් මල් කෑකුලෙන්...

මට තහනම් මල් කෑකුලෙන් සුවද පෑතුවට.....
මට දෑනෙන්නෙ ඒ මලේම සුවඳ අපමන......
වෑට මායිම පසු කෙරුවත් සුවද මදනල..... 
සිප ගන්නට ඈයි තහනම් මා පෑතු මල.....
උස අත්තක උඩට වෙලා පිපුන නුබ ගෑන......
බලා ඉන්න සදලුතලේ සිටුවරුන් මෑද.....
ඔච්චම් කර මතු මහලින් පෙනුනු රුව මට.....
මෑදුරේ දොර විවර වෙයිද නුබ බලන්නට....
දෑනෙනා දුක කවියක් වි නුබට කියනදින....
උඩු මහලේ කව්ලු දොරින් නුබට ඈසේවිද.....
වෑට කොටු බෑදි උයන් තෙරක හ ෑඩට පිපුනු මල......
සෑඩ සුලගට අරන් යයිද මටත් හොරෙන් මල......


සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : අමිල සුරන්ජන්

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...

No comments:

Post a Comment