Pages

Friday, March 4, 2011

නුඹ නොමැති තනි පාළු රැයක දුක හිතෙනා...

අතුල් වැසි මෝසමට ඉතිරිලා ගලනා
තරම් ඇස් ලියැදි යට කඳුළු බිඳු තිබුනා...
නුඹ නොමැති තනි පාළු
රැයක දුක හිතෙනා...
හැඬූ කඳුළු යහන මත විසිරිලා තිබුනා...
අමාවක රැය කොනක
තරු පොකුරු පිපුණා..
සඳ නැතුව ඒ අහස පාළුවට තිබුනා...
මගේ හිත් අහසේ නුඹ සඳක් වී නැගෙනා..
දිනක් නෑ වාගෙමයි කියා මට සිතුනා.

No comments:

Post a Comment