Pages

Monday, January 17, 2011

සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්...


සුදු ඇඳ ගෙන සඳ ඇවිදින්
දුර කඳු මුදුනට
රිද වුණු සිත ගෙන යයි
කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට
...අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට

බාදක බිඳ නුඹ ජය ගන්නට
බැරිවුනි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරදද මගෙ වරදද
එය මා දන්නේ නැත

නුඹ මා ලොව කළු කර පැන ගිය
පලියට
කෙලෙසක දොස් පවරම් නුඹ හට
කිසිකෙනෙකු නොදුන් ආදරයක්
නුඹ මට දුන් කොට

No comments:

Post a Comment