Pages

Wednesday, January 19, 2011

මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...


මගෙ ජීවිතේ...
සතුට රැදී තිබුනේ තව කෙනෙකුන්ගේ
නෙත් සගලේ, හසරැල්ලේ
සිතුවේ නෑ... දැනුනේ නෑ...
ඔබ දකින තුරා...
......
සුන්දරයි සිතූ සියළුම දෙයට වඩා
සුන්දරයි ඔබ...
අහිංසකයි කී හැමදේකටම වඩා
අහිංසකයි ඔබ...
මටම හිමි වෙලා......... මා ලග ඉන්න සදා...

අස්ථිරයි සිතූ සියළු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ...
කවි සිතකැයි කී මගේ සිත පාළු මැකී
හිනැහෙනවා ඔබ...
මටම හිමි වෙලා.......... මා ලග ඉන්න සදා...

No comments:

Post a Comment