Pages

Wednesday, January 19, 2011

සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...


තව් තිසා දෙව් ලොවේ ඇතැයි කී සුර අඟන
පතා වැඩුවයි බවුන් නන්ද තෙර සිල් පුරන
සංසාර ගමනේ එක් නිමෙශේක මුණ ගැසුන
ආගන්තුක නුඹත් ඒ වගෙයි මට සිතෙන...
...
හිත් පුරා බැඳි පවුරු බිඳ දමා අසුරු සැන
හද අරණ සක්මනේ යෙදෙයි නුඹේ සොඳුරු අණ
විසිරිලා ඇත දැහැන පුරාවට මගේ මන
සක්මනේ යදෙන නුඹ කවුරුදෝ කියනු මැන...

No comments:

Post a Comment