Pages

Sunday, July 3, 2011

නුඹ මගේ මුළු දිවිය නිසා...

අකුණ වී නුඹ රටා මවද්දී
අහස වී මා දරාන ඉන්නම්
නුඹේ සිත යළි නිවෙන තුරා...

වැස්ස වී නුඹ ඇද හැලෙද්දී
පොලොව වී මා දරාන ඉන්නම්
නුඹට සතුටක් ලැබෙන තුරා..

මියෙන්නට ළංව දිවිය තියෙද්දී
නුඹේ සෙනෙහස ගැනම සිතන්නම්
මගේ හද ගිනි දැවෙන තුරා...

නුඹේ දෙනෙතේ සිනහ දකිද්දී
සිනා සෙන්නට වෙර දරන්නම්
නුඹ මගේ මුළු දිවිය නිසා...
















සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : තරිඳු ප්‍රභාත්

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...