Pages

Saturday, July 2, 2011

පුංචි සිත මගේ හිනැහුණා..

පුංචි තරුවක්.. අඳුර මැද්දෙන් ..
හෙමින් මාවෙත ලං උනා...
අහසින් පොළොවට වැටෙනවදෝ..
සඳ කුමරුන් මට එව්වා දෝ..
පුංචි සිත මගේ හිනැහුණා..
තරු කැටේ.. මට ලං ලං වෙනකොට..
පුංචි සිත මගේ ගැස්සුනා..
තරුවක් නොව ඒ කනාමැදිරියෙකි..
අනේ මගේ හිත රැවටුණා...


සිහින පාරාදීසයේ ආදර පවුරට ලැබුන නිර්මාණයක්..
අපිට එව්වේ : හෂි

ඔබගේ නිර්මාණත් අපිට එවන්න පහත සබැඳිය හරහා...